ජීවිතය ලස්සනයි,එහි යථාර්තය තේරුම් ගත හැකිනම්........

If you can't read above text, please download & install Sinhala unicode software from here:

http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html                                                                                                                                                                                                                                                                                                                                                               

                                                                                                                                                        


                                                                                                                                                                                             

 මගෙන් ලෝකයට බිඳක්...

     

         

 

                                                    

   

ජීවිතය යනු....
ළදරුවෙකුට ප්‍රහේලිකාවකි.                   
ළමයෙකුට ක්‍රීඩාවකි.
තාරුණ්‍යයට සෙනෙහෙබර අත්දැකීමකි.
මහල්ලෙකුට විඩාබර අත්දැකීමකි.
මරණාසන්න වූවෙකුට වේදනාබර අත්දැකීමකි.


යම් අයෙකු මෙම සදාකාලික වූ සත්‍යය
තම හදවතින් දකී නම්
ඔහු හෝ ඇයගේ ජීවිතය
විචිත්‍රවත් ජීවිතයකි.

 

                                                          

                                                              



මම ගැන...

                  ජීවිතයේ හැටි.

                                                                                                සැමටම  තෙරුන් යි!

මුලින්ම මගේ පුංචි වෙබ් අඩවියට පැමිණි ඔයාව මම සාදරයෙන් පිළි ගන්නවා.ඉතින් මම ගැන කියනවා නම් මගේ නම තාරක. මම ඉන්නේ, පානදුරේ. මට අක්කා කෙනෙකුයි,මල්ලී කෙනෙකුයි ඉන්නවා. මම බුදුදහම තුලින් ලෝකය දකින කෙනෙක්. මම වීඩියෝ හා ඡායාරූප සංස්කරණයට කැමතියි. ඒක මගේ විනෝදාංශයක්. එයට අමතරව හිතට මොනව හරි හොඳ අදහසක් එහෙම ආවොත් කෙටි කතාවක් හරි නව කතාවක් හරි ලියනවා. ඒ හැරුනු කොට හොඳට හිතට අල්ලන යහපත් රූපවාහිනී වැඩසටහනක් හරි චිත්‍රපටියක් හරි දැක්කොත් ඒක බලනවා. සංගීතමය පැත්තෙන් නම් බෞද්ධ ගීත වලට,මාපිය සෙනෙහස ගැන කියැවෙන ගීත වලට හා අනූවෙ දශකයෙත්,ඉන් එහා දශක වලත් හිංදි සිංදු අහන්නත්,බලන්නත් කැමතියි. ඒ වගේම WWE වල ඉන්න Undertakerගේ රංගන ක්‍රීඩා බලන්නත්  කැමතියි.

 මම හිතන හැටි...

Youtube එකෙන් මට හමු වු ජීවිතය ගැන කියැවෙන  ලස්සන වීඩියෝ එකක්.කවදාහරි අපි හැමෝගෙම යථාර්තය ඕක තමයි.

මම හුඟාක් කැමතියි,ලෞකික සිතකට දෘශ්‍යය වන /නොවන ජීවිතයේ,ලෝකයේ එහෙම නැත්නම් විශ්වයේ සැඟවුනු රහස් ගැන සොයන්න.නිවැරදිව අවබෝධය තුලින් ලත් ශ්‍රද්ධාව සමගින් බුදුදහම ඔස්සේ යම් අයෙකු දිගින් දිගටම ගමන් කරන්නේ නම් මේ බොහෝ ගැටළු වලට විසඳුම් ලැබේයැයි කියා මම සිතනවා. ජීවිතය ගැන කියනවා නම්,ජීවිතය ගැන මම සිතන්නේ එය අවබෝධ කර ගත යුතු දෙයක් කියලයි. විටෙක සතුටත් ඊළඟ මොහොතේ දුකත් ඒ තුල ගැබ්ව පවතිනවා. අප දැන් මේ මොහොතේ සිනහවෙන් සතුටුව සිටියත්,හදිසියේ නොසිතූ දුක්ඛ දායක දෙයක් ඊළඟ මොහොතේදී අප බලාපොරොත්තු නොවු පරිදි සිදු විය හැකියි. මමත් මගේ ජීවිතයේදී ඒ වගේ අත්දැකීම් වලට බොහෝ සේ මුහුණ පෑවා. සමහර විටෙකදී මට සිතුණා,ජීවත් වන්නේ කුමකටද? කියා. නමුත් මම කල්පනා කලා. ජීවිතය ගැන මනසින් ගැඹුරට සිතුවා. බුදුදහම මට ඒ වගේ අවස්ථා වලදී පිහිට වූවා. ජීවිතයේ අනන්ත වූ දුක්වේදනා වලදී ඒවාට හොඳින් මුහුණ දීමට ශක්තිය ලබා දිය හැකි එකම දහම බුදුදහම බව මට වැටහුණා. මම දැකලා තියනවා,මරණාසන්න පුද්ගලයන්. ඔවුන්ගෙන් බොහෝ අය මිය යන්නේ සිහි කල්පනාවත් නොමැතිව අසිහියෙන්මයි. නමුත් යහපත් විදියට ජීවත් වී,අධ්‍යාත්මික වශයෙන් සිත යම් පමණකට හෝ දියුණු කල පුද්ගලයන් බොහෝ විට මිය යන්නේ යහපත් සිහි කල්පනාවෙනුයි. නිවැරදි භාවනා ක්‍රමයකින් එසේ පිරිසිදු මනසක් යම් පුද්ගලයෙකුට උරුම කර දෙනවා. ඔබත්,මමත් කවදා හෝ මැරෙනවා. එම මොහොත කුමක්දැයි ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් සිත දියණු කර ගත් අයෙකුට හැර ඔබටවත්,මටවත් පවසන්න බැහැ. සමහර විට ඔබ මේක කියවන විට සමහර විට මම මිය ගිහිල්ලා තියෙන්න පුළුවන්. නැත්නම් මේක ලියලා ඉවර වෙන විට මම මිය යන්න පුළුවන්. ජීවිතය කියන්නෙ ඒකටයි. එම නිසා තමා හෝ කිසිම පුද්ගලයෙක් හෝ වෙනත් කිසිම දෙයක් කෙරෙහිවත් එහි යථා ස්වභාවය අවබෝධ කොට නොගෙන තදබල බැඳීමක් ඇති කර ගන්න සුදුසු නොමැති බව මගේ අදහසයි. "යථා ස්වභාවය කියන්නේ වෙනස් වීමයි, දිරාපත් වීමයි, දුක් සහිත බවයි, අපට අවශ්‍යය ස්වභාවයෙන් අපගේ පාළණයෙන් තබා ගැනීමට ඇති නොහැකියාවයි, තවත් අර්ථ දැක්වුවහොත් මරණය නැත්නම් විනාශයයි". බුදුදහමේදී මේ දෙය අනාත්ම ස්වභාවය(ස්ව වසඟයෙහි පවත්වා ගත නොහැකි ආත්ම නොවන අනාත්ම ස්වභාවය) කියා හඳුන්වනවා. ඔය අනාත්ම ස්වභාවයේදී ආත්මය කියා ස්ථිර දෙයක් නෑ. ඇත්තේ ඉපදි ඉපදී බිඳි බිඳී වෙනස් වෙවී යන එකිනෙක හා සම්බන්ධ සිතුවිලි පරම්පරාවක්. ශරීරය තුලත් පවතින්නේ මෙවැනිම ක්‍රියාවලියක්. බුදු දහමෙහි සත්වයාගේ නාම හා රූප ක්‍රියාවලියෙන් කියන්නේ මෙයයි. අපි බොහෝ අය ආත්මය කියා ස්ථිර දෙයක් ඇතැයි සිතා සිතනවා. නමුත් එය එසේ නොවන්නේ දැන් සිටින අප නොවෙයි,අපගේ කුඩා කල සිටියේ. තව විදියකට කියනවා නම් කුඩා කල සිටි අප නොවෙයි, දැන් අප තුල සිටින්නේ. එයට උදාහරණයක් ගනිමු. පුංචි කාලයේදී අපිට කුඩා ළමයෙකු දුටුවොත් සිතෙන්නේ එම ළමයා සමග සෙල්ලම් කිරීමටයි. දැන් ළමයෙකු දටුවොත් දුවලා ගිහිල්ලා එයත් එක්ක සෙල්ලම් කරන්න සිතෙනවාද? නෑ නේද? දැන් ඔබට ළමයෙකු දැක්කොත් සිතෙන්නේ කරුණාවක්,සෙනෙහසක්. ඔය ආත්මය කියා ස්ථිරව පවතින දෙය තිබුනා නම් අපගේ පුංචි කාලයේත් දැන් ලොකු කාලයේත් සිතිවිලි එකම වෙනවා. දුවලා ගිහිල්ලා එම ළමයා සමග සෙල්ලම් කරනවා. දැන් ටිකක් හරි වැටහෙනවාද? අපට තියෙන්නේ ඉපදි ඉපදී බිඳි බිඳී වෙනස් වෙවී යන එකිනෙක හා සම්බන්ධ සිතුවිලි පරම්පරාවක් බව. දැන් මරණය ගැන කතා කරමු. මරණය යන වචනය ඇසෙන විට පවා අප හැමෝම බියට පත් වනවා. මහා විශාල හිස් බවක් දැනී ශෝකී ස්වභාවයකින් අප සැමගේ මනස වෙලෙනවා. ඒක ස්වාභාවිකයි. තත්වය එසේ වුවත් මරණයෙන් පලා යන්න අප කිසිම කෙනෙකුට හැකියාවක් නෑ. ඉපදුනොත් මරණය කරපින්නා ගෙනම තමයි අප සැවොම එන්නේ. හරියට ජීවිතයයි,මරණයයි කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ. අපි හැමෝම එක කාලයකදී ළදරුවෝ වෙලා හිටියා.දැන් වෙන කොට අපි ලොකු අයවෙලා.ඔබ වසරින් වසර උපන් දිනය සමරා ඒ හැම අවුරුද්දෙම ඡායාරූප ගත්තා නම්, ටිකකට ඔබගේ එම ඡායාරූප හෝ ඇල්බමයේ පිංතූර මුල්ම ඡායාරූපයේ ඉඳලා බලා ගෙන යන්න.එවිට, ඔබ කෙතරම් වෙනස් වී ගෙන ඇවිල්ලාද කියලා ඔබටම පෙනේවි. ඔබ වඩාත් වියපත් පුද්ගලයෙකු නම් ඉතාමත් පැහැදිලිව මේ දෙය දකීවි. මරණ සිදුවන මොහොත ගැන කියනවානම්,එම ශෝකී මොහොතේදී අපව ඉන් මුදවා පිහිට වීමට අප ආදරය කරන කිසිම පුද්ගලයෙකුට තබා දෙවි කෙනෙකුටවත් හැකියාවක් නෑ. මේ ලෝකයේ සෑම රෝගී මොහොතකටම වාගේ ඖෂධ වර්ග තිබෙනවා. නමුත් මේ කිසිම ඖෂධයකින්වත් වැඩක් සිදු නොවෙන මොහොතක් එනවා. ඒ තමයි, මරණය නැමති අන්ධකාර නිමේශය උදා වූ මේ මොහොත. අප ගිහි සමාජයේ ජීවත් වන නිසා ඇල්ම,සෙනෙහස අවශ්‍යය වෙනවා. එහෙත් කාලයේ මායාවන් සමග අනාගතයේදී ඉන් සිදුවන ආදීනව හොඳින් වටහා අවබෝධ කොට ගෙන සම්බන්ධතා,බැඳීම් නුවණැතිව පවත්වා ගත යුතු බව මගේ අදහසයි. බැඳීම,ඇල්ම ගැන කියනවානම් යම් දෙයක් නැත්නම් පුද්ගලයෙක් කෙරහි පවතින බැඳීම,ඇල්ම වැඩි වන්න වන්න අනාගතයේදී එය නිසා අත්වන්නට සිදුවන දුක් සමුදායත් අතිමහත් වෙනවා. තවත් සරලව මෙහෙම කිව්වොත්, යම් කෙනෙකු ගාව ඇඳුමක් තියනවා. එයා ඒ ඇඳුමට හුඟාක් කැමතියි. හදිසියේ ඒ ඇඳුම මොකක් හරි හේතුවක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එතකොට ඒ පුද්ගලයාට මොකක්ද දැනෙන්නේ,අති විශාල දුකක් නේද? නමුත් ඒ ඇඳුම කෙරෙහි පැවතුනේ පොඩි කැමැත්තක් නම් එය එලෙස විනාශ වෙද්දී ඔහුට දැනෙන්නේ සුළු දුකක්. ඒ ඇඳුම කෙරෙහි කිසිම කැමැත්තක් තිබුනේ නැත්නම් එය විනාශ වූවාට කිසිම ආකාරයේ හෝ ශෝක සන්තාපයක් ඔහුගේ මනසේ හට ගන්නේ නෑ. මෙය මා බුදුදහමට අනුව හොඳින් අත්දැක වටහා ගත් දෙයක්. මේ ලියපුවා දැකලා මම සෘණ විදියට සිතන කෙනෙක් කියලා සිතන්න එපා. මම මේ සඳහන් කරපුවා ලෝකයේ නැත්නම් විශ්වයේ අතීතයේ පැවතුනු,වර්ථමානයෙත් පවතින,අනාගත කාල වලත් පැවතෙන සදාකාලික සත්‍යයන්. එමනිසා කලකිරීමක් ඇති කර නොගෙන ජීවිතයේ යථා ස්වභාවය දකින්න. ඒ විදියටම සෑම දෙයකම යථා ස්වභාවය දකින්න. කාලයක් ඔය විදියට යන කොට මනස ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. එවිට ජීවිතයේ වේදනා බර අවස්ථා වලදී ඊට මුහුණ දීමට මනස ස්වභාවයෙන්ම හැඩ ගැහෙනවා. මරණ මොහොතේදී පවා එයට හොඳින් මුහුණ දීමට හැකි වෙනවා. එසේ නොමැති වුවහොත් අදාල පුද්ගලයාගෙන් හෝ දෙයින් වෙන් වන්නට සිදුවන මොහොතේදී අපට අති මහත් දුක් කන්දරාවක් විඳින්නට සිදුවනු  නියතයි. එම නිසා ලද ජීවිතය ලස්සන වන්නේ එහි යථා ස්වභාවය තේරුම් ගැනීමෙන් බව මගේ අදහසයි.

මේ ඉන්නේ, මම ආසම WWE Wrestler...

   Undertakerගේ මම ආසම Music Video එක.

Undertaker Theme.mp3

Make a Free Website with Yola.